අද (16) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා

ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී

එහිදි මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වන බවත් ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි

මේ අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෙට (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට මුදල් ලබා ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සූදානම් කරමින් සිටින බවද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා .