2024 ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම මෙ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව, මිට සුළු මොහොතකට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාම යෝජනා භාර ගැනීම ආරම්භ කෙරිණි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

එහිදී පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක් ද, ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ ස්වාධීන අපේක්ෂකයන් 17ක් ද, වෙනත් දේශපාලන පක්ෂයකින් එක් පුද්ගලයෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇත.