ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26 වැනිදා) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද (25 ) දින මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිත අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කරනු ඇති .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බවයි

නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බවද  එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා