අද (02) දිනයේ මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම සිදුකිරීමට නියමිතයි

ඒ අනුව හෙට (03) සිට තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසා සිටියා

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.