ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අද (19) සහ අනිද්දා(21) දිනයන්හීදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා උදෑසන 9.00ට එක් දුම්රියක් ධාවනය වීමට නියමිතයි.

කන්කසන්තුරයි සිට කොළඹ කොටුව දක්වා ද හෙට(20) සහ 22 වැනි දා විශේෂ දුම්රිය වාර 2ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

මේ අතර මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි.

22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන අතර කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්