2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් කර තිබෙනවා

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා