ඊයේ (12 දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණී .

මෙහිදි  සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා .

එම ගැටලු විසදාගැනීමට  අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව ​වාර්තා වේ

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමු වූ බව සදහන්