අද (19) පෙරව​රු 10.00ට කොළඹ 07,විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ගෝල්ෆේස් ජන ​අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව  ජන අරගල සන්ධානය නමි​න්  නව සන්ධානයක් එළිදැක්වුණා .

මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන ඉදිරියේ එන ජනාධිපතිවරණය සහ මහමැතිවරණය  ඇතු​ළු සියලුම මැතිවරණ වලට ඉදිරිපත් වන බව අරගලයේ ක්‍රියාකාරී  වසන්ත මුදලිගේ ප්‍රකාශ ​කර සිටියා

‍‍‍‍‍​‍සමාජවාදී ජනතා සංසදය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම අරගලයේ ක්‍රියාකාරීන් වූ වසන්ත මුදලිගේ, නුවන් බෝපගේ, ලහිරු වීරසේකර, ස්වස්තිකා අරුල්ලිංගම්, ආචාර්ය කල්ප රාජපක්ෂ  ඇතුළු පිරිසක් මෙම සන්ධානයට ඇතුළත් වනවා.