ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (අගෝ. 13) පෙ.ව.10.00 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුකෙරුණා

ධර්මසිරි ලංකාපේලි මහතා විසින් එම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළ බව සදහන්

එම අවස්ථාවට නුවන් බෝපගේ, වසන්ත මුදලිගේ, ධර්මසිරි ලංකාපේලි, නිරෝෂා ගුරුගේ, දුමින්ද නාගමුව, නූර් මොරීන්, පී. ඩී. සරණපාල, තරිඳු උඩුවරගෙදර, සිතාරා කුලරත්න වැනි පිරිසක් සහභාගි විය

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ

“මැතිවරණ පිටිය උණුසුම්. අපේක්ෂකයෝ ගොඩාක්. දැනටම 34ක්. නමුත් මේ බොහෝ අය රටේ ගැටලු විසදීමට කිසිදු සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා අපිට පේන්නේ නෑ. සියලුදෙනම තවත් රට ණය උගුලට අරන් යන IMF පාරේ යනවා. ඉන්දියාවේ බල න්‍යාය පත්‍රය ඉස්සරහ දණ ගහලා ඒවට විරුද්ධ වෙනවා පේන්නේත් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් ගැනවත් කතාවක් නෑ. ජනප්‍රිය පොරොන්දු දේශපාලනයේ හැමෝම යනවා. අන්න ඒ හිඩස පුරවමින් රටට වෙනස් දේශපාලන වැඩපිළිවෙළක් ගේන්න තමයි අපි ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ.”

ජනපති අපේක්ෂක නුවන් බෝපගේ වෙනුවෙන් වන ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හෙට (අගෝස්තු 14) නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී පැවැත්වෙන රැළියෙන් ආරම්භ වන බව සදහන්