ජපන් ආධාර යටතේ රුපියල් මිලියන 570ක මුදලක් වැයකොට ස්ථාපිත කර තිබූ ස්වයංක්‍රිය ,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් ක්‍රියාවිරහිතව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එම කාලගුණ විද්‍යා පද්ධතියේ බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බව අදාළ වාර්තාවේ සදහන් වේ.

ස්වයංක්‍රිය ,කාලගුණ විද්‍යා පද්ධති මගින් උෂ්ණත්වය, අර්ද්‍රතාවය ,වාර්ෂාපතනය, සුළගේ වේගය හා දිශාව, පිඩනය, සුර්ය විකිරණ ප්‍රමාණය මනිනු ලබයි.

ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11වැනිදින වනවිට මහඉලුප්පල්ලම, වාගොල්ල, සෙවණගල, පොළොන්නරුව, අරලගන්විල, බලංගොඩ, සිරිකදුර, අගුණුකොළපැළැස්ස, දෙනියාය ,තවලම ,කුඩව, යන ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක බැටරි වල ආයු කාලය අවසන් වී ක්‍රියාවිරහිතව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

2019 වර්ෂයේ සිට 2022 දක්වා මෙකි කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්, සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුන බව සදහන්

එමෙන්ම 2019 හා 2021 අතර කාලසීමාව තුළ ස්වයංක්‍රියා කාලගුණ මධ්‍යස්ථානවල කිසිදු නඩත්තු කිරිමක් සිදුනොකළ අවස්ථා 47ක් නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි උපකරණ පද්ධති අමතර කොටස් සදහා 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

2019 වර්ෂයේ සිට 2022 දක්වා මෙකි කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්, සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුන බව සදහන්