අද (01) උදෑසන ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබේ.

ඒ, අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කාලගුණ ඒජන්සියට අනුව, මීටර් 5 ක් දක්වා උසැති සුනාමිය ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ වෙරළට මීටර් 1 කට වඩා උස රළ පහර වැදී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.