ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි බැක්ටීරියාවක් පිළිබද ජපානයෙන් වාර්තා වෙනවා

streptococcal toxic shock Syndrome නම් එ​ම  බැක්ටීරියාව  ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව සදහන් .

උගුර තුවාල වීම, අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම, අතපය වේදනාව , අඩු රුධිර පීඩනය මෙම රෝගයේ රෝග ලක්ෂණ බව සදහන්

වසරේ මේ දක්වා කාලය තුළ මෙම බැක්ටීරියාව ආසාදනය වූ 1,000කට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා වී ඇති අතර  ඒ මෙම වසර අවසානය වන විට එම සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇති බව ජපාන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වී තිබෙනවා

මෙය දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත්විය හැකි බවද සඳහන් වෙනවා.