මේ රටේ ජනතාව තව දුරටත් දේශපාලන ඩීල් වලට නොරැවටෙන බවත් සැප්තැම්බර් 21 ජයග්‍රහණය සමග පාස්පෝට් පෝලිමට තුඩුදුන්න ඒ මහා හොරකම ජනතාවට හෙළිකරන බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

ඔහු මෙම අදහස් පළකළේ මහනුවර නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස

“දෙවැනි මනාප වැඩක් නෑ. පළවෙනි වටයෙන්ම සමගි ජන බලවේගය දිනවා දිනවාමයි. මේ රටේ ජනතාව ඔය දේශපාලන ඩීල්කාරයින්ගේ කුප්‍රකට ඩීල්වලට මෙදාපාර රැවටෙන්නේ නැහැ. මම අහනවා ජනාධිපතිගෙන් ඔයාට බැරිද අනුර එක්ක ගහන හොර ඩීල් වෙනුවට පාස්පෝට් දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. මම පොරොන්දු වෙනවා 21 ජයග්‍රහණය සමග පාස්පෝට් පෝලිමට තුඩුදුන්න ඒ මහා හොරකම ජනතාවට හෙළිකරනවාමයි.”