ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියව ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු (High performance center consultant) ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ පත් කිරීම සිදු කර තිබේ.

එමෙන්ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක තනතුරද සනත් ජයසූරිය වෙත පිරිනැමීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.