සංගීත ක්ෂේත්‍රය ගැන කියද්දී රෝහිත හා රොහාන් කියන නම එකවරම මතකයට නොනැගුණත් ජය ශ්‍රී කිව්ව පමණින් හැමදෙනාගේම මතකයට එන අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා අලුත් වැඩක් කරන්න ඉන්න බවට වුණු පුවතක් පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වල පැතිරුණා. ජය ශ්‍රී ලා නම් කිව්වේ මේක රුවිතයක් නැත්නම් ඩයමන්ඩ් එකක් කියලයි. මේක දියමන්ති බිස්නස් එකක් ද නැත්නම් අලුත් හොටෙල් බිස්නස් එකක් ද නැත්නම් ට්‍රැවල් ඒජන්සි එකක් ද කියන ප්‍රශ්නේ නැගුණා.

ඇත්තටම, ජය ශ්‍රී ලා පහුගියදා ලයිව් ෆේස්බුක් වීඩියෝවකට එකතුවෙමින් කිව්වේ ‘රුවිතේ’ කියන්නේ ඔවුන්ගේ අලුත්ම ගීතය කියලයි. ක්ෂේත්‍රයේ ඉන්න හැකියාවෙන් අනූන පිරිස එකතු වෙලා මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙන බව ජය ශ්‍රී කියනවා.

මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන ජය ශ්‍රී කියන්නේ,

‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.

ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා‘ කියලා.

ජය ශ්‍රී ලගේ  ‘රුවිතේ’ බලන්න මේ 28 වැනිදා හවස 5 ට සෙට් වෙන්න.

https://fb.watch/l-2ORDdwf-/?mibextid=qC1gEa