ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

“අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් සංශෝධන කර තිබෙනවා. සංශෝධනවල කරුණු අයවැය තුළින් දැනගන්න පුළුවන්. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින්. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා.”

ඉදිරි අයවැය මගින් ඒ පිළිබඳව දැනගත හැකි බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.