ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව මහතාව පත්කර ති‌බේ. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.

මෙහිදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සමග සාමාජිකයන් 15දෙනෙකු පත්කර ඇති අතර, මෙතෙක් ජාතික ක්‍රීඩා සභාවක කටයුතු කර නොමැති මාධ්‍යවේදී සහ රංගන ශිල්පී කමල් දේශප්‍රිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ආනා පුංචිහේවා, මලික් කාදර්, අනුරාධා ඉලේපෙරුම යන පිරිස මෙලෙස සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මීට අමතරව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවද නම් කර ඇති අතර, එහි සභාපතිත්වය හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට හිමිව තිබේ.