මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

ගින්නෙන් අදාල කාර්යාලය තිබූ ගොඩනැගිල්ලටද අලාභානී සිදුවී තිබෙනවා.

කිසියම් පුද්ගලයකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්‍රචාරක පුවරු වලට ඊයේ පස්වරුවේ ගිනි තබා ඇති බවයි පල්ලෙවෙල පොලීසිය පවසා ඇත්තේ

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි