සිවිල් පුද්ගලයන්ට ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවය.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදුකෙරෙන බව දන්වා සිටිනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගනු ලබන බවයි.