ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙස එහි කළමණාකාරිත්වයට ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝගයක් නිකුත් කළේය.

මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.​‍

ඊට අදාළ සීසීටීවී දර්ශන විමර්ශනය සදහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරිමට සූදානම් බැවින් එම සීසීටීවී සාක්ෂි සුරක්ෂිත කර තිබන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ප්‍රශ්නගත වාහනය අධීකරණ භාරයට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අධිකරණ පරිශ්‍රයේ ඉඩ සීමිත බැවින් එම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා තබන ලෙසයි.

මේ සිද්ධිය සම්බ්නධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ රියදුරන් දෙදෙනෙක් සහ වාහනය එකලස් කළ බව කියන පුද්ගලයෙකුගේ ඥාතියෙක් ඇප මත මුදා හරිනු ලැබීය.

මේ වාහනය කොළඹ හිලටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබියදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කරනු ලැබුවේය.