එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට වත්මන් ඇමරිකානු ජනපති
ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපතිවරණ අපේක්ෂක ලෙස උප ජනාධිපති කමලා හැරිස් නම් කර තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ පැවති ජනාධිපතිවරණ පළමු විවාදයෙන් පසු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස බයිඩන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජෝ බ්‍රයිඩන් පවසා ඇත්තේ ” ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවත් , නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරන බවත්” ය.