නොවැම්බ‍ර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය සදහා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සාර්ථක අන්දමින් සිදුවන බව වාර්තා වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා උදව් වන මාගා ඉන්කෝපරේෂන් (MAGA Inc.) හි ප්‍රධානියා වන ටේලර් බුඩෝවිව් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඊයේ දිනයේදී පමණක් ඩොලර් මිලියන 50ක් උපයාගත හැකි වූ බවයි.

පසුගිය සෙනසුරාදා ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට සහාය පළකිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සහ ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් ද එක්ව තිබෙනව

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මාසිකව ඩොලර් මිලියන 45 බැගින් ප්‍රදානය කිරීමට ද ඊලෝන් මස්ක් බලාපොරොත්තු
වන බව ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තාකර තිබෙනවා.