ඇමරිකාවේ හිටපු ජනපති ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හාස්‍යජනක නාටකයක් ලෙස ඇතැම් විදෙස් වාර්තා හඳුන්වයි. ඔහු ඉදිරි ජනපතිවරණයේදී ‘අනුකම්පා ඡන්ද’ ලබාගැනීමට ඔහු විසින්ම සැලසුම් කළ ජවනිකාවක් රඟදැක්වූයේ යයිද ‘කුමන්ත්‍රණ න්‍යායක්’ ක්‍රියාත්මක වූයේ යයිද සැක පළකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ ‍බට්ලර්ෆාම් ප්‍රදර්ශන භූමියේ පැවති රැස්වීමක් අතරතුර ඔහුට වෙඩි තැබීම සිදුවූ අතර එය සිදු කළේ 20 හැවිරිදි තෝමස් මැතිව් කෘෘක්ස් නම් තරුණයෙකු විසින් බව මේ වන විට හදුනාගෙන තිබේ. පෙන්සිල්වේනියාවේ බෙතෙල් ගාර්ඩන්හි පදිංචිකරුවෙකු වන ඔහු ගැන වැඩි විස්තර තවම සොය‍ාගෙන නැත.

වේදිකාවට මීටර 150 ක් පමණ නුදුරින් නිෂ්පාදන කම්හලක වහළය මත සිට ඔහු වෙඩි තබන අතර වෙඩි තබා තත්පර කිහිපයකින් ඔහුට ට්‍රම්ප් ආරක්ෂකයින්ගේ ප්‍රතිප්‍රහාර එල්ලවී ඔහු වෙඩිවැදී බිම වැටී ඇති අතර ඔහු එම ස්තානයේ මියගොස් තිබුණි. ට්‍රම්ප්ට ඔහු තබන වෙඩි පහ හයකින් කිසිවක් ඉලක්කයට වදින්නේ නැති අතර ට්‍රම්ප්ට පිටුපස සිටි පුද්ගලයන් දෙන්නෙකුටද වෙඩි වැදී එක් අයෙකු මියගොස් අනෙකා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ට්‍රම්ප් පවසා සිටියේ තමාගේ කණ සූරමින් වෙඩිල්ලක් ගිය බවත් ඒ නිසා රුධිරය වැගිරුණ බවත්ය.

වෙඩි තබනවාත් සමග ට්‍රම්ප් පහත්වන අතර එසේ පහත්වී වැඩි වේලාවක් නොසිට සිය වීරත්වය පෙන්නමින් නැගී අත්ඔසවමින් ජනතා ඔල්වරසන්ද ලබමින් ඔහු පිටව යෑම විදෙස් මාධ්‍යය තුල ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබේ. එ අතර ඇතැමුන් සැකකරේ ඔහු හිටපු ඇමරිකානු ජනපති රූස්වෙල්ට් ඝාතන ප්‍රයත්නය අනුකරණය කර ඇති බවයි. ඔහු පහත්වී රතු තීන්ත සහිත ලේන්සුවකින් කණ පිසදාගත් බවටද සැකයක් ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එසේ නැතිනම් වෙඩික්කරු සිනමා රූගත කිරීම් වලදී යොදාගන්නා තීන්ත උණ්ඩයක් ට්‍රම්ප්ට පත්තු කළේද යන සැකයද ඇතැමුන්ට මතුව තිබේ.

වෙඩි ප්‍රහාරය සමග ආරක්ෂකයින් ඔහු පිරිවරාගන්නා නාටකීය ආකාරය ගැනද ඇතැමුන් සැක පහළ කර තිබේ. එසේම එම අවස්ථාවේ ඔහු ජනතාවට වීරත්වය පෙන්වමින් කරන හැසිරීමද තරමක අවුල් සහගත බවත් පෙන්වන අතර ඔහු ප්‍රතිකාර ලබන්නට යන වෛද්‍ය මධ්‍යස්ථානය ‘හඳුනානොගත්’ එකක් බවට ‘ටයිම්ස් නව්’ ප්‍රවෘත්ති නාලිකාව විස්තර කර ඇත.

මීට ඉහත පැවති ඇමරිකානු ජනපතිවරණය පරාජයට පත්වෙමින් පැවති අවස්ථාවේ ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ජනතාව උසිගැන්වූ අතර ගොඩනැගිල්ලක සිට ‍කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් සිදුකිරීම නිසා ජීවිත කිහිපයක්ද අහිමි විය. එසේම ඔහු අනතුරුව තනිව කාර්යාලයක් පිහිටුවා නැවත ජනපතිවීමේ සිහිනය වෙනුවෙන් වැඩ කළේ ඔහුට නැති රැල්ලක් ගොඩනගමිනි. එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක හාස්‍යජනක ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ට්‍රම්ප් හැසිරෙන්නේ “ශ්‍රී ලංකාවේ දේශපාලකයින් හැසිරෙන” ආකාරයට බවයි.

කෙසේ නමුත් ‘ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රහාරයෙන් බේරුවා වගේම ඔහු මැතිවරණය ජයග්‍රහණය කළා,’ යනුවෙන් Politico වෙබි අඩවියේ දේශපාලන විචාරකයෙකු පවසා ඇත.