ඇමරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා පිළිබඳ විවාද කිරීමට තමා සුදානම් බව සදහන් කර තිබුණා.

මීට පිළිතුරු වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් උත්සවයකට එක්වෙමින් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාදයට තමාද සුදානම් බවයි