2013 වර්ෂයේ අගෝස්තු මස 01වැනිදා සිට ඊයේ (28දා) දිනය දක්වා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කර ඇති අතර, එම තරග 100ම Nathan Lyon ක්‍රීඩා කර තිබේ. ඒ අනුව Nathan Lyon වාර්තා අතරට එක්වන්නේ අඛණ්ඩව ටෙසේට් තරග 100කට එක්වූ පළමු දඟ පන්දු යවන්නා ලෙසයි.

එමෙන්ම  Nathan Lyon ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ අඛණ්ඩව ටෙස්ට් තරග 100කට එක් වූ 06වැනි ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්විය. මීට අමතරව ටෙස්ට් තරග 100කට අඛණ්ඩව ක්‍රීඩා කළ පළමු පිතිකරු වන්නේ එංලගන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක Alastair Cook ය. දෙවැනි සහ තෙවැනි තැන ඔස්ට්‍රෙලියාඋ ක්‍රීඩකයන් දෙපළක් විසින් හිමිකරගෙන ඇති අතර, ඔවුන් වන්නේ Allan Boarder සහ Mark Waugh ය. සිව්වැනි තැන ඉන්දියාවේ හිටපු ක්‍රීඩක සුනිල් ගවස්කාර්ට හිම්ව තිබේ. නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ට මෙම ලැයිස්තුවේ පස්වැනි තැන හිමිව ඇත.

දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් තරග 100ක් අඛණ්ඩව ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයාද Nathan Lyon ය. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 121කට එක්ව කඩුලු 495ක් බිඳ දමා තිබේ.

කවිඳු කාරියවසම්