ඊයේ (26) ඇම්ස්ටර්ඩෑම්හි පැවති SEPTIMIUS AWARDS සම්මාන උලෙළේදී ආසියාවේ හොඳම නළුවාට හිමි සම්මානය මලයාලම් සිනමාවේ දක්ෂ  නළුවෙකු වන ටොවිනෝ තෝමස් විසින් දිනාගෙන තිබෙනවා. ඒ, මෙම වසරේ තිරගත වූ 2018: Everyone is a Hero  චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

පසුගිය දා පැවති SIIMA සම්මාන උළෙලේදී Thallumaala (2022) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්  ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ද  දිනාගත් ටොවිනෝ තෝමස්, SEPTIMIUS සම්මානයට පාත්‍ර වූ පළමු දකුණු ඉන්දියානු නළුවා ලෙස වාර්තා අතරට එක්වනවා