පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල කලහ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් සභාවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වාර්තාවෙන් මන්ත්‍රීවරුන් තිදෙනාම මාසයකට අත්හිටුවිය යුතු බවට නිර්දේශ කර ඇත.