සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබුවා.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එය දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බව ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළා

ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමට අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙනු ලැබුවා