අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසා සිටියේ
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර ඇති බවයි

සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් එය සමගි ජන බලවේගයෙන් සිදුකරන බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියා

දැනට පාර්ශ්වකරුවන් ගණනාවක් සමගි ජන සන්ධානය සමග සිටින බවත්, තවත් එක්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවත්ඒ අනුව රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.