ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහ සහායක කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පසුගිය දින කිහිපයේ විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ වෙනසක් සිදු විය හැකි බවයි. කෙසේ නමුත් වත්මන් පුහුකාරීත්ව මණ්ඩලය එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය දක්වා කටයුතු කරනු ඇති බව මේ වනවිට වාර්තා වේ.