දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරඟ ගාස්තුවෙන් 10 %ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය කමිටුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ එල්.පී.එල්. තරඟාවලියේ ආචාර ධර්ම කඩකිරීමේ චෝදනාවකට වරදකරුවීම හේතුවෙනි.

මෙම තරගාවලියේ ඉකුත් 14 වැනිදා ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී දැවීගිය පිතිකරුවෙකුට අපහාසාත්මක ලෙස බැනවැඳීම ඇතුළු චෝදනා කිහිපහකට ඩිල්ෂාන් වරදකරු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් වන අතර, එම වරද ඩිල්ෂාන් විසින්ද මෙම වරද පිළිගෙන ඇති බව සඳහන්.