ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකානු කඩුලු රකින පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මේ වනවිට 30හැවිරිදි වියේ පසුවන ඩී.කොක් මේ වන විට එක්දින තරග 140කදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 5,966ක් රැස් කරගෙන තිබේ. ඊට ශතක 17 හා අර්ධ ශතක 29ක් ඇතුළත්. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 44.85 ක් ලෙසයි. දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට කඩුලු රකින්නෙකු ලෙස හැඳින්විය හැකි ක්වෙන්ටන් ඩී කොක් උඩ පන්දු 183ක් හා ස්ටම්ප් කිරීම් 14ක් සමගින් දවාගැනීම් 197කට සිය දායකත්වය ලබා දී ඇත.

2021 වසරේදී ඩී කොක් ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගත්තේය.