අරාබි එමිරේට්ස් රාජ්‍යට මේ වන විට මහ වැසි සහ තද සුළං සහිත කාලගුණික තත්ත්වයක් මතුව පවතින අතර එම හේතුවෙන් ඩුබායි නගරයට ගං වතුර තත්ත්වයක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

එම ගංවතුර තත්ත්වය නිසාවෙන් මේ වන විට ඩුබායි ගුවන් තොටුපොල ජලයෙන් යටවී ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. ඩුබායි ගුවන් තොටුපොළ ජලයෙන් යටවීම නිසාවෙන් ඩුබායි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් මෙන්ම එහි සේවයන් ද තාවකාලිකව නවතා ඇත.

ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘ෆලයි ඩුබායි’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය මත ඩුබායි ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබු මගී යානා කිහිපයක් පැය 5ක් තිස්සේ උඩු ගුවනේ පියාසර කරමින් සිට පසුව වෙනත් ගුවන්තොටු පොළවලට ගොඩ බෑ බවද වාර්තාවේ.