දිවයිනෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇත.

ඒ අනුව කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කර තිබේ.

මේ වනවිට දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරකි.

මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක් වේ.

එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.