2024 වර්ශයේ ගත්වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි
කොළඹ, කළුතර, ගම්පහ ආශ්රිත ප්‍රදේශ වලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කර සිටියා
වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ
“ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා.”