2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයට අදාලව ඩොනලඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර ඊයේ දිනයේදි පැවති පළමු විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි

ඔවුන්ගේ පළමු විවාදයේදී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දුර්වලභාවය සහ බොරු කීම ගැන එකිනෙකාට චෝදනා කරගත් බව සඳහන්.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලිවලින් ජනතාව ඉක්මනින් ඉවත්ව යන්නේ ඔවුන් ‘වෙහෙසට පත්ව ඇති’ නිසා බව පවසමින් මෙහිදී ඇය ට්‍රම්ප්ව කුපිත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජනපදය අසාර්ථක ජාතියක් ලෙස හඳුන්වමින් ට්‍රම්ප් තර්ක කළත්, අනාගතය කෙරෙහි තමා යොමු කරන අවධානය ගැන එහිදී කමලා හැරිස් තර්ක ඉදිරිපත් කර තිබෙනවා.

මෙම විවාදයට හැරිස්ගේ සහභාගිත්වයෙන් පසු ඇගේ උප ජනපති ටිම් වෝල්ස් පවසා ඇත්තේ, ජනාධිපති අපේක්ෂිකාව ඇගේ “දැක්ම” පෙන්වීමට සමත්වූ බවයි.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනපති අපේක්ෂක ජේඩී වැන්ස් ඇගේ වචන විවේචනය කර ඇති බව සඳහන්.