ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ගයේ අපරාධකරුවන් පිළිබඳ ඉතා හොඳින් දන්නා බව ඩිමොක්‍රටික්ස් ජනපති අපේක්ෂිකා කමලා හැරිස් පවසනවා

කැලිෆෝනියාවේ නඩු පවරන්නෙකු ලෙස ඇය කටයුතු කළ සමයේ,සියලු ආකාරයේ අපරාධකරුවන් සමග කටයුතු කිරීමට අවස්ථාව හිමි වූ බව ඇගේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයට ඇය පවසා තිබෙනවා.

උප ජනාධිපති කමලා හැරිස් ඊයේ සිදුකළ තම පළමු මැතිවරණ කතාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජනාධිපති ජෝ ජනපතිවරණයෙන් ඉවත් වීමේ කම්පනය නොතකා නොවැම්බර් මාසයේදී ඇමරිකානු ජනපතිවරණය අනිවාර්‍යයෙන්ම ජයග්‍රහණය කරන බවට ඇය එහිදී පොරොන්දු වී තිබෙනවා.

කැලිෆෝනියාවේ ප්‍රධාන අභිචෝදකවරිය ලෙස කටයුතු කළ තමන්ට කාන්තාවන් අපයෝජනය කළ විලෝපිකයන්, පාරිභෝගිකයින් උදුරා දැමූ වංචාකාරයන්, තම වාසිය සඳහා නීති කඩ කළ වංචාකාරයන් ගැන ඉතා හොඳ අත්දැකීම් ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ගබ්සාව පිළිබඳ අයිතියට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ අවධානය යොමු කිරීමට ද හැරිස් මෙහිදී ප්‍රතිඥා දී තිබෙනවා.