ඉදිරි අයවැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ඒ අනුව රුපියල් බිලියන 2500 ක් ණය පොලිය ලෙස ගෙවිය යුතු බවත් රුපියලේ වටිනාකමද ආරක්ෂා කරගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට සිදුවන බවත් මැතිවරණයක් ආසන්නයේ එය සිදුකිරීම අමාරු වුවත් එය සිදු නොකළ හොත් සියලු දෙනාගේම අනාගය විනාශයට පත් වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දී ඇත.