තණමල්විල පාසලක 14 හැවිරිදි පාසල් දැරියක සමූහ දූෂණයට ලක් වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිරිස අතර විදුහල්පතිවරයා පමණක් නොව අදාළ විදුහලේ විනය කමිටුව භාර ආචාර්යවරියද සිටින බව වාර්තා වේ.

එයට අමතරව උපදේශන ගුරුවරියද නියෝජ්‍ය විදුහල්පතිවරයාද මෙ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයාට දැනුම් දී ඇති අතර එය ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා වේ. විනය කමිටුව භාර ගුරුවරියද සිද්ධිය වසන් කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙකී අතවර කිරීම් දර්ශන වීඩියෝගත කර ඇති බවද ඒ අතර හෙළිදරව් වී ඇති අතර, අත්අඩංගුවට පත් වීමට පෙර විදුහල්පතිවරයා කියා ඇත්තේ, තමා එම පාසලේ වැඩ භාරගත්තේ 18 වැනිදා බැවින් ක්‍රියාමාර්ග ගනිමින් සිටි බවයි.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 21 දෙනා ළමා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තබා ඇති බව සඳහන්.

පාසල් සිසුන්ගේ කොණ්ඩය සහ ගවුම් වාටිය වෙනුවෙන් බොහෝ වෙහෙස වෙන විනය භාර ගුරුවරුන් මෙවැනි ප්‍රශ්නයකදී ක්‍රියා කරන ආකාරය මෙසේ දැයි ජනතාවද ප්‍රශ්න කර සිටියි.