ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

අදාළ අනතුරු ඇඟවීම අද (ජූලි 4) ප.ව. 1.30 සිට හෙට (ජූලි 5) ප.ව. 1.30 දක්වා වලංගු වේ.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.