තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනු​ව තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 තරග ඉසව්වෙන් 2024 ඔලිම්පික් උළෙල සදහා තරග වැදීමට නියමිතව ඇත.

එමෙන්ම නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිත බවයි වාර්තා වන්නේ.