අද (03) කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සදහා ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව පුරප්පාඩු මන්ත්‍රී ධූරය සදහා සුදුසුකම් ලැබූ කරුණාරත්න පරණවිතාන මහතා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ලබා තිබූ මනාප ගණන 36,787කි.