කොලිවුඩ් සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දින ඉපයූ වැඩිම ආදායම වාර්තා කිරීමට ඊයේ දින ලොව පුරා තිරගත කිරීම ඇරඹූ සුපිරි කොලිවුඩ් නළු තලපති විජෙයි ප්‍රධාන චරිතය නිරූපණය කරන LEO චිත්‍රපටය සමත් වී තිබෙනවා.

එමෙන්ම 2023 වර්ෂයේ ඉන්දියානු චිත්‍රපටයක් මුල් දින ඉපයූ වැඩිම ආදායමට හිමි වාර්තාවද LEO චිත්‍රපටය සතු වී ඇත්තේ, පසුගිය මාසයේ නිකුත් වූ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රඟ පෑ Jawan චිත්‍රපටය තබා තිබූ වාර්තාව බිඳ දමමින්. Jawan තිරගත වූ පළමු දින ඉන්දියානු රුපියල් කෝටි 129.1 ක ආදායමක් වාර්තා කළ අතර, LEO චිත්‍රපටය එය ඉක්මවා ගොස් ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 132.5ක ආදායමක් වාර්තා කරමින්.
කොලිවුඩයේ ජනප්‍රිය අධයක්ෂකවරයෙකු වන ලෝකේෂ් කනගරාජ්ගේ සිනමා යුනිවර්සයේ (LCU) හි කොටසක් ලෙස සඳහන් වන LEO හි විජෙයිට අමතරව, කොලිවුඩ් නිලි ට්‍රීෂා සහ බොලිවුඩ් නළු සංජේ දත් රංගනයෙන් දායක වනවා.