තලපති විජෙයිට සෙරෙප්පු ප්‍රහාරයක්

පසුගියදා අභාවප්‍රාප්ත වූ දමිළ සිනමාවේ ජ්‍යෙෂ්ඨ නළුවකු මෙන්ම දේශපාලනඥයෙකුද වූ කැප්ටන් විජයකාන්ත්ගේ අවමංගල්‍යයට සහභාගි වූ සුපිරි කොලිවුඩ් නළු තලපති විජෙයි වෙත සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ දිනයේ (29) දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු විජෙයි නැවත සිය වාහනය දෙසට පැමිණෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු සෙරෙප්පුවක් වීසිකොට ඔහුට පහර දී ඇති අතර, එලෙස පහර දී ඇති පුද්ගලයා හෝ හේතුව කුමක්ද යන්න පැහැදිලි නැහැ.

මෙම සිද්ධියට අදාළ වීඩියෝපට කිහිපයක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ක්ෂේත්‍රයේ බොහෝ ශිල්පීන් මෙම සිදුවීම හෙළා දකිමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විරෝධය පළ කර තිබෙනු දකින්නට ලැබුණා.

සිදුවීමට අදාළ විඩියෝ දර්ශන පහතින්