අති සාර්ථක ‘LEO’ චිත්‍රපටයෙන් පසු කොලිවුඩයේ ජනප්‍රිය නළු තලපති විජෙයි රංගනයෙන් දායක වන මීළඟ චිත්‍රපටය වන ‘Thalapathy 68’ හි රූගත කිරීම් සඳහා ඔහු නව වසරේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

කාල තරණය පිළිබඳ කතාවක් ඇතුළත් බවට වාර්තා වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ වෙන්කට් ප්‍රභූ. චිත්‍රපටයට අදාළ ඉන්දියාවේ රූගත කිරීම් හයිද්‍රාබාද්හි සිදු කර අවසන් කර ඇති අතර, ඉතිරි කොටස ශ්‍රී ලංකාවේදී රූගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා සුපිරි නළු තලපති විජෙයි ජනවාරි මස දෙවන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.