පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල්, කළුතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ බස්නාහිර පළාතේ හෝමාගම කලාපයේ සියලු පාසල් හෙට(04) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මීට සුලු වෙලාවකට පෙර දකුණු පලාත් පාසල් වලටද හෙට සහ අනිද්දා දින වසා තැබීමට දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කලේය.