එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා ඉහළ දැමීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ජාතන්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකියාවක් නොමැතිවී ඇති බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ .
ඒ අනුව බදු ආදායම් සහ ප්‍රථමික ශේෂ ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වේ.

එසේම දැනට එකතු කළ අගය මත බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ සහ සේවා මත එම බදු පැනවීමට අදාළ නව බදු යෝජනා කිහිපයක්ද 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇත.