තලංගම කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

190 මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී තිබෙනවා.

මීගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථය බත්තරමුල්ල තලාහෙන පසුකර ධාවනය වීමේදී කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථය එයට පිටුපසින් පැමිණ කොස් වත්ත 8 කණුව ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය සදහන් කරනවා

කෙසේ නමුත් තුවාල ලැබූ පිරිස අතර අනතුර සිදුකළ 177 බස් රථයේ රියැදුරාද වන බව සදහන්