ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

එම භාණ්ඩ 300 සැප්තැම්බර් පළමු සතිය වන විට නම් කරන බව ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක පසුගිය මාස තුනක පමණ කාලය තුළ සීමා ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කෙරිණි.