සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් ඖෂධ 217ක හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශකර ඇත්තේ ඖෂධ හිඟය සුළු වශයෙන් වැඩිදියුණු වී ඇතත්, ඉතිරි පරතරය පියවා ඉදිරි මාසවලදී හිඟය 100ට වඩා අඩු කිරීමට අමාත්‍යංශයට අවශ්‍ය බවය.

කෙසේ වෙතත්, ජීවිතාරක්ෂක ඖෂධ 14ක් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බව වෛද්‍ය රත්නායක සහතික කර ඇත.

දැනට භාවිතයේ පවතින ආසන්න වශයෙන් ඖෂධ 1300න් 383ක් අඅත්‍යවශ්‍ය ඖෂධ ලෙස සැලකේ.

හිඟයක් පවතින ඖෂධ හැකි ඉක්මනින් මිලදී ගැනීමට කටයුතු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.